මොනවද මේ Webinar කියල කියන්නේ? What is Webinar?

by Tilantha 17. February 2010 20:44
කොටින්ම කිව්වොත්  webinar කියන්නෙ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් seminar වලට. මෙම වචනය සෑදී තිබෙන්නේ Web-based seminar කියන එකේ කෙටි වචනයක් ලෙසටයි. උදාහරණයක් ලෙස web-log කියන එකට blog කියනවා වගේ. webinar එකක් කිසියම් ඉදිරිපත් කිරීමක් (presentation), දේශනයක් (lecture), සම්මන්ත්‍රණයක් (seminar) එහෙමත් නැතිනම් අන්තර්ජාලය ඔස්සේ පවත්වන වැඩමුළුවක් (workshop) වෙන්නත් පුළුවන්. webinar එකකදී සිදු වන්නේ කිසියම් නිශ්චිත දිනයකදී නිශ්චිත වේලාවකදී මෙවැනි කටයුත්තක් පැවැත්වෙන බව එයට සහභාගී කරගැනීමට අදහස් කරන පුද්ගලයන් වෙත ඊ මේල් හෝ අන්තර්ජාල වෙබ් අඩවියක් ඔස්සේ පැත්වීමට පෙර කල්තියා දැනුම් දීමයි. ඒ සඳහා ආරාධනාව ලද පුද්ගලයන් එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් හෝ ඊ මේල් මගින් හෝ ඒ සඳහා සහභාගී වන බව තහවුරු කළ හැක. එවිට අදාල දිනයේදී webinar එකට සම්බන්ධ වීම සඳහා අදාල තොරතුරු එනම් එයට log වීම සඳහා password එකක් ලැබෙනු ඇත. webcast එකක් හා webinar එකක් සැසඳීමේදී webinar එකක අපට දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ, webinar එකක සහභාගී වන පාර්ශවයන් අතර පවතින අන්තර් ක්‍රියාකාරීත්වයයි. එනම් එම අවස්ථ... [More]
Bookmark and Share

ASP.NET - 4 වන ලිපිය - Hello World

by Tilantha 14. February 2010 14:44
හොඳයි ඔන්න අපි දැන් මගින් අපේ මුල්ම වෙබ් පිටුව සාදන්නයි යන්නේ. මා කලින් ලියූ ලිපි වල ඇති ආකාරයට අවශ්‍ය මෘදුකාංග සූදානම් දැන් අපිට වැඩේට බහින්න පුළුවන්. විෂුවල් වෙබ් ඩෙවෙලොපර් එක්ස්ප්‍රස් හරි, විෂුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් හරි, විෂුවල් ස්ටුඩියෝ ප්‍රොෆෙසනල් යන ඕනෑම එකකින් අපිට ASP.NET වෙබ් ප්‍රොජෙක්ට් ආරම්භ කරන්න පුළුවන්. විෂුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් යනු මයික්‍රොසොෆ්ට් මගින් නොමිලයේ ලබාගත හැකි මෘදුකාංගයක්. මෙමගින් ආධුනිකයෙකුට වුවද පහසුවෙන් asp.net ඉගෙන ගැනීම සඳහා සියල්ල අන්තර්ගතකොට නිපදවූවක්. express version එකක් අපේ ව්‍යාපෘති සඳහා හොඳටම ප්‍රමාණවත්. තව කාරණයක් මතක් කල යුතුයි. මගේ පාඩම් වලින් asp.net වලට අදාල සියළුදේ ඉගෙන ගත නොහැකියි. මන්දයත් මා මෙහිදී සිදු කරනු ලබන්නේ asp.net 3.5 මගින් කොහොමද අපි වෙබ් අඩවියක් හදා ගන්නේ කියලා විතරයි. මේ ඒ සඳහා කෙරෙන මූලාරම්භයක් පමණි. කෙසේ වුවද මෙමගින් asp.net සහ microsoft IIS (Internet Information Server) ආශ්‍රිත වෙබ් ව්‍යාපෘති සංවර්ධනය සඳහා කිසියම් ආසාවක් ජනිත කිරීම මාගේ අරමුණයි. asp.net ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්න... [More]
Bookmark and Share

ASP.Net ආයෙත් පටාන් ගමු

by Tilantha 13. February 2010 19:23
ඔබට මතක ඇතිනෙ මා asp.net පාඩම් මාලාවක් පටන් ගත්තා. ඉතින් හිටි ගමන් ඒක අතරමග නැවතුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු නැවැත පටන් ගන්නයි මේ උත්සාහය. අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ඉතින් මා අවසනට පාඩම් මාලාවෙ ලියූ ලිපිය අවසන් කලේ අපි අපේ මුල්ම වෙබ් පිටුව සකසා ගන්නේ කොහොමද කියලා. හොඳයි මේ වැඩේට දැන් පටන් ඉතින් කෝඩ් ලියන්න වෙන නිසා මා බ්ලොග් එකට කෝඩ් සින්ටැක්ස් හයිලයිටර් එකක් දා ගත්තා. මෙහිදී අදාල කේත තේරුම් ගැනීමට යම් පහසුවක් වෙයි. පහත තියෙන්නෙ කේත හයිලයිට් වී දිස්වෙන ආකාරය සඳහා උදාහරණයක්. <html> <head> <title>Sample Web Page</title> </head> <body> <form> <input type="checkbox" /> This is choice #1<br /> <input type="checkbox" /> This is choice #2<br /><br /> <input type="submit" value="Submit" /> </form> </body> </html> ඊලඟ ලිපියෙන් බලමු මුල්ම වෙබ් පිටුව සකසා ගන්න හැටි. මා කලින් කියූ මෘදුකාංග ස්ථාපනයකොට ගෙන අහවරවෙලා ඇති නේද? මොකද මම ඒ ලිපිය ලියල දැන් මාස ගනනකුත් වුන නිසා, ඒවා බැලුවෙ න... [More]
Bookmark and Share

Tags:

Miscellaneous - විවිධ

පරණ මනාලිය දික්කසාද කොට නොකියා(ම ) මනාලියක් සමග ගිවිස ගතිමි

by Tilantha 6. February 2010 20:20
  තේමාව අනුව නම් හිතනව ඇති මේ මොන හරුපයක් කියන්න හදනවද කියල. මට කලින් කලට එන පෝන් පිස්සුවක් ගැන තමයි මේ. ඉතින් මෙසේ බ්ලොග් සටහනක් ලියන්න හිතුවෙ පරණ මනාලිය සහ අලුත් මනාලිය ගැන මට හුතුනු දේ ලියන්නයි. පරණ මනාලිය කියන්නෙ මම අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පාවිච්චි කල සෝනි එරික්ස්සන් ඩබ් 890 අයි පෝන් එක. ඉතින් මෙයා ගැන විස්තර මෙතනින් බලාගන්න පුලුවන්. පහලින් තියෙන්නෙ එයාගෙ පින්තූරයක්.   මෙයත් හොඳ ලස්සන හුරුබුහුටි බඩුව. මෙයාගෙ කියන්න තරම් වැරැද්දක් තිබුනෙ නෑ. වෙලාවකට දුකත් හිතෙනව ඇයි මෙයාව අතඇරියේ කියලා. ඒත් ඉතින් අලුත් එකක රහ බලන්න තියෙන වුවමනාව මෙයාට වැඩිය ලොකු වුණා. මෙයා ගැන මගේ අත්දැකීම කියනවනම් මෙයා හරිම user friendly. හැබැයි ටිකක් less responsive ගතියක් තියෙනවා. ඒ ඇරෙන්න 3.2 මෙගා පික්සල කැමරාව අපූරුවට පොටෝ අරන් දුන්නා. අනිත් වැඩත් ජාවා ඇප්ලිකේෂන් එහෙම හොඳට දුවනවා. ඒ කොහොම වෙතත් මෙයාගෙ හැඩය හුරු බුහුටි සිහින් බව තමා මා ගොඩක් ප්‍රිය කලේ. කමීස සාක්කුවේ දැම්මත් මෙයා ඉන්නවද කියල පේන්නෙ නැති තරම්. ඒ ඇරෙන්න මා දුටු සහ අත්විඳි මෙයාගෙ දුර්වලකම් නැතුවාම නොවේ. මුල්ම එක වුනේ මෙයා... [More]
Bookmark and Share

Tags: , , ,

How do I feel - ම්ට හිතෙන හැටි

ජංගම පුළුල් පරාස අන්තර්ජාල සේවා වලට මාරු වුණෙමි

by Tilantha 25. January 2010 22:10
ඔන්න මම කාලයක් තිස්සේ ADSL වල ඉඳල මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට මාරු වුණා. සමහරවිට හිතෙයි ADSL වල ඉඳන් මේකට මාරු වෙන්නෙ මොන මෝඩයෙක්ද කියල. හික්. ඉතින් කවුරුත් කියන පරිදි මොබිටෙල් වලට තමා මාරු වුනේ. නමුත් ඉස්සර වගෙ දැන් මොබිටෙල් ගැන නිතර අහන්න ලැබෙන්නේ සතුටුදායක ආරංචි නම් නෙමෙයි. ඔක්කොම අල පාත්ති වගාවන් තමයි. කෙසේ වෙතත් මොබිටෙල් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න හේතුවක් වුනෙ  මම කොළඹින් බැහැර මාගේ නිවසේදී 3G Weekly Delight භාවිතා කරමින් සිටියදි ඉතා හොඳ වේගයක් ලැබුණු නිසයි. ඉන්පසු ආසාව වැඩිකමටම ගත්තා සූම් 1290 එකක්. ගෙනල්ල කොළ්ඹ නැවතිල ඉන්න ගෙදර කොළඹ කිව්වට කොළ්ඹින් ටිකක් බැහැර දාල බැලුවා. හපොයි වේගය නම් අන්තිමයි. ඉතින් මොනා කරන්නද. කොම්ප්ලේන් කොලා. වැඩක් නෑ. මෙ වේගය සමහර තැන්වලට හොඳට ලැබෙනවා. සමහර තැන්වලට සිග්නල් උපරිම තිබුනත් වේගය අන්තිමයි. ඉතින් මොනා කොරන්නද. මා වැඩ කරන කාර්යාලය ඇති තැනට ගොස් මම බැලුවා හොඳ වේගයක් ලැබෙනවා. පහත් ඇත්තේ එම වේග පරීක්ෂා කිහිපයක ප්‍රථිඵල.   මේ තියෙන්නේ සේවා ස්ථානයේ අන්තර්ජාල වේගය
Bookmark and Share

Tags: , ,

How do I feel - ම්ට හිතෙන හැටි