මේ දවස් වල මම විස්ස විද්‍යාලයෙන් පිට වෙලානෙ ඉන්නේ, ඒත් ඉතින් තාම උපාධි ප්‍රධානෝ ත්සවය නම් තිබුනෙ නෑ, මේ දෙසැම්බරයෙ කියල තමයි ආරංචි විදියට තියෙන්නෙ. උපධියක් ලබාගන්න ජීවිතේ අවුරුදු හතරක් කැප කොලා, ඒත් තාම සරිලන රැකියාවක් ලැබුනෙ නෑ. මේ වෙලාවට තමයි හිතෙන්නෙ, මේකෙ ගෙවපු අවුරුදු හතර වෙන දෙයකට යොමු කලානම් කියලා. කොහොම උනත් උපාධිය නම් සාර්ථකව නිම කොලා. ඒත් ඒ පමනින් රැකියාවකට සුදුසුකම් ලැබේද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඉතින් ලබා තියෙන උපාධියෙ හැටියට මුලින්ම කළමනාකරණ පුහුනුවන්නෙක් (Management Trainee) හැටියට තමයි රැකියාවක් ලබාගන්න හිතුවේ, ඒත් බලාගෙන යනකොට ඒකටත් පලපුරුද්දක් ඉල්ලනව නොවැ. [More]