{#advanced_dlg.about_title}

How do I feel, Sinhala Posts »

Thursday, October 16, 2008 | 2 Comments

මේ දවස්වල නම් මට බ්ලොග් එකට මොනවත් ලියන්න බැරි වුනා. ලිව්වත් ඉතින් මම ලියන්නෙ වල්පල් තමයි. කොහොම උනත් පහුගිය දවස් වල මගේ පියා අසනීප වුනා. තවමත් කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් තමයි ඉන්නෙ. අසනීප වුනු දවස්වලම මාතර මහ රෝහලට තමයි ඇතුලත් කලේ. ඒක නිසා මට මාතර ගිහින් ඉන්න සිදු වුනා. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Go mad, Sinhala Posts »

Friday, October 10, 2008 | 2 Comments

කවුරුත් මේ දවස්වල බ්‍රෝඩ්බෑන්ඩ් වල ස්පීඩ් එක ගැන කතා කරන අතරේ මට හිතුනා මගේ ලංකාබෙල් ඩයල් අප් සම්බන්ධතාවයේ ස්පීඩ් එක ටැස්ට් කොරන්න. හබැයි මේ වැඩේ මම කොලේ උදේ පාන්දර හතරත් පහත් අතර. පහත තියෙන්නෙ ටැස්ට් එකේ ප්‍රතිඵලේ. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

About the blog, Sinhala Posts »

Sunday, October 5, 2008 | 3 Comments

ටික දවසකින් සටහනක් ලියල දාන්න බැරි වුනා. මොකද මම මේ දවස් වල මගේ අර හිසේ ඇම්මට සිංහල ආයුර්වේද ප්‍රතිකාර ගනිමින් නෙ ඉන්නෙ. ඉතින් ඒ ප්‍රතිකාර වලින් ගුනයක් තියෙනවා. කසායා දිගටම බොනවා. අපෝ මතක් වෙනකොට නම් එපා වෙනවා, අම්බ තිත්ත කසායක්, බොන්න දීපු අනිකුත් බෙහෙත් වර්ගත් ඒ වගේම තමයි. සිංහල බේත් වලට ලෙඩ ඇවිස්සෙනව ඒක හින්ද මටත් මේ දවස් වල ටිකක් මඤ්ඤං වගේ කොහොම උනත් ඉතින් ලෙඩ සනීප කොර ගන්ට මේ අගනා ඖෂධ වට්ටෝරුව කොහොමහරි බොන්ට එපායැ. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Sinhala Posts, Tips & tricks »

Thursday, October 2, 2008 | 6 Comments

මගේ බ්ලොග් සටහන් වල අකුරු පොඩි වැඩි නිසා කියවන්න අමාරුයි කියල ධනු කියල තිබුනා. ඒක ඇත්ත තමයි අකුරු හෙන පොඩියි. මොනිටර් එකට ඇස් දෙක ඔබාගෙන තමයි ඒ අකුරු කියවන්න වෙන්නෙ. ඉතින් ඔන්න මම post එකක default font size එක වෙනස් කොරන්න උත්සාහයක යෙදුනා. මේකත් හොයාගත්තෙ wordpress.org එකේ සහායෙන් . හරිම ලේසි වැඩක්. මම මේක ඔයාලටත් කියන්නෙ ඔයාලගෙ ලිපි වලත් අකුරු ප්‍රමා නය කියවන්න අපහසු තරම් පොඩ් නම් වැඩි කරන්න පුලුවන්. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

How do I feel, Sinhala Posts »

Wednesday, October 1, 2008 | 2 Comments

තවත් පැහැබර දවසක්. උදෑසන පිබිදීමත් සමඟ මහත් ප්‍රබෝධයක් සිතට දැනුනා. නැන්දාගේ පොඩි දෙන්නා ගෙදර ඉන්න සද්දයක් ඇහුනා. ආ.. මම කියල තිබුනෙ නැහැනේ මම ඉන්නෙ නැන්දාගේ ගෙදර කියලා. උසස් අධ්යාපනය සඳහා කොලොම්පුරේ එන්න වුනාම නැන්දා තමයි මගෙ දුක සැප බැලුවේ. මගෙ මව්තුමියක් වගේමයි. ඒ විතරක් නෙමෙයි ආත්තම්මාත් ඉන්නෙ මෙහෙ නිසා නිතරම ගෙදර වගේ තමයි දැනුනේ. අපේ ආත්තමමටත් දැන් වයස අවු: 91ක් වෙනවා. බුදුන්ගෙ සරනින් එතුමිය තාම දෑතෙ වීරියෙන් කාටවත් කරදරයක් නැතුව ජොලියෙ ඉන්නවා. පොඩි අමතක වීමේ ස්වභාවයක් විතරයි තියෙන්නෙ. ඉතින් තව චිරහත් කාලයක් අපිත් එක්ක වසන්න එතුමියට දීර්ඝායුශ මම ප්‍රාර්ථනා කරනවා. [More]

Bookmark and Share