හරි එහෙනම් අවශ්‍ය මෘදුකාංග දැනට ලබාගෙන ඇත්නම් (අන්තර්ජාල ස්ථාපනය - web installer තෝරා නොගත්තේ නම්) ඒවා පරිගණකයේ පිහිටුවා ගනිමු. මෙය අමාරු කටයුත්තක් නොවන අතර මෘදුකාංග ස්ථාපනය කලින් සිදුකොට ඇති ඕනෑම කෙනෙකුට කළ හැකිය. නමුත් අපි පියවරෙන් පියවර ස්ථාපනය කරන අයුරු බලමු. මා මෙහෙදී offline installer එක ISO image එකක් මගින් ලබා ගෙන ඇතැයි උපකල්පනය කරමි. එම image එක අවැසි නම් dvd එකකට පුළුස්සා ගත හැකිය, නැතිනම් එය winzip හෝ winrar මගින් extract කරගන්න. වෙබ් ඉන්ස්ටෝලර් එකේද අවශ්‍ය ගොනු online භාගතවන අතරතුර ස්ථාපනය හැරුනුකොට ස්ථාපනය වන ක්‍රමයේ වෙනසක් නැත. [More]