ASP.NET – 3 වන ලිපිය - Visual Web Developer 2008 සහ SQL Server Management Studio Express ස්ථාපනය

Saturday, October 17, 2009 | by Tilantha | 6 Comments |


හරි එහෙනම් අවශ්‍ය මෘදුකාංග දැනට ලබාගෙන ඇත්නම් (අන්තර්ජාල ස්ථාපනය  - web installer තෝරා නොගත්තේ නම්) ඒවා පරිගණකයේ පිහිටුවා ගනිමු. මෙය අමාරු කටයුත්තක් නොවන අතර මෘදුකාංග ස්ථාපනය කලින් සිදුකොට ඇති ඕනෑම කෙනෙකුට කළ හැකිය. නමුත් අපි පියවරෙන් පියවර ස්ථාපනය කරන අයුරු බලමු. මා මෙහෙදී offline installer එක ISO image එකක් මගින් ලබා ගෙන ඇතැයි උපකල්පනය කරමි. එම image එක අවැසි නම් dvd එකකට  පුළුස්සා ගත හැකිය, නැතිනම් එය winzip හෝ winrar මගින් extract කරගන්න. වෙබ් ඉන්ස්ටෝලර් එකේද අවශ්‍ය ගොනු online භාගතවන අතරතුර  ස්ථාපනය හැරුනුකොට ස්ථාපනය වන ක්‍රමයේ වෙනසක් නැත.  DVD එකකට burn කලේ නම් එය DVD ධාවකයට ඇතුලු කරන්න. Image  එක extract කලේ නම් එහි ඇති Setup.hta එක double click කරන්න. එවිට පහත මෙනුව අපට දිස් වේ.

visual-install

එහි Visual Web Developer 2008 යන්න click කරන්න.

setup1

මෙහි terms and conditions accept කර next ඔබන්න. එවිට පහත පරිදි අමතර මෘදුකාංග තුනක් ස්ථාපනය සඳහා පිරිනමනු ලැබේ. ඒ අතුරින් MSDN Express Library සහ SQL Server 2005 Express Edition යන දෙක tick කල බවට සහතික වන්න.  මන්ද යත් ඒ දෙක අපට  ඉතාමත් වැදගත් වනු ඇති. ඊළඟට Next ඔබන්න.

setup2

ස්ථාපනය විය යුතු ස්ථානය ලබා දී  Install click කරන්න.

setup3

එවිට තෝරාගත් මෘදුකාංගද ඇතුළුව Visual Web Developer 2008 Express Edition ස්ථාපනය වනු ඇති.

setup4

හරි එහෙනම් ස්ථාපනය අහවර වුණායින් පසුව Visual Web Developer ආරම්භ කරන්න.

start

එවිට පහත පරිදි Welcome screen එක ලැබේදැයි බලන්න.

start1

හරි අපි දැන් Visual Web Developer සහ  SQL Server 2005 Express Editions ස්ථාපනය කොට හමාරයි. ඊළඟට තියෙන්නෙ SQL Server Management Studio Express ස්ථාපනය කිරීම. මෙය දැන්ම අවශ්‍ය නැති වුණත් ස්ථාපනය කර තියා ගත්තම ලේසියි. මෙය වැදගත් වෙන්නේ SQL Server 2005 කාර්යක්ෂම සහ සඵලදායි ලෙස භාවිතා කිරීමට වන අතර දත්ත ගබඩා සමග වැඩකිරීමේ පරිපාලන මෙවලමක් (administrative tool) ලෙස ක්‍රියා කරයි. මෙයද Microsoft මගින් නොමිලයේ ලබාගත හැකි මෙවලමකි. ඒ සඳහා පහත Link එක කරන්න.

http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=C243A5AE-4BD1-4E3D-94B8-5A0F62BF7796&displaylang=en

භාගත වීමෙන් පසු එය ස්ථාපනය කරගන්න.

setup1

ස්ථාපනය කිරීමෙන් පසු Start > All Programs > Microsoft SQL Server 2005 > SQL Server Management Studio Express වෙත යන්න.

start

SQL Server 2005 Express Edition හි default ලෙස connections සඳහා accept කරන්නේ windows authentication වලින් පමණි. එනම් SQL Server 2005 සඳහා log වීමට භාවිතා කරන්නේ වින්ඩෝස් පරිශීලක ගිණුම වන බැවිනි. එමනිසා ස්ථාපනය කළ පරිශීලකයා ඔබ වන බැවින් SQL Server 2005 සඳහා සියළු වරප්‍රසාද පරිශීලකයා සතු වේ. එනම් ස්ථාපනය කල පුද්ගලයා සතු වේ. දැන් SQL Server 2005 සඳහා සම්බන්ධවිමට  Connect කරන්න.

ඉහත authenticate කිර්‍රිමෙන් පසුව පහත අතුරු මුහුණත දිස් වනු ඇති.

start1

SQL Server Management Studio මගින් අපට SQL server එක manage කර ගත හැකි අනර එහි සැකසුම් වෙනස් කරගත හැකිය. උදාහරණයක් ලෙස අපට ආරක්ෂක සැකසුම් වෙනස් කිරීමට අවශ්‍ය නම් COMPUTER NAME\SQLEXPRESS (ඉහත රූපයේ ඇති පරිදි නම් TILANTHA\SQLEXPRESS) Right-Click කර Properties තෝරන්න.

start2gif

එහි Security යටතේ Server authentication වල SQL Server and Windows Authentication mode තෝරන්න.

warning

ඉහත කටයුත්ත දැන් සිදු කිරීම කිසිසේත් අවශ්‍ය නැත. මන්දයත් SQL Server සමග අපි දැන්ම කටයුතු නොකරන බැවිනි. නමුදු මෙය කලින් සකස්කර තියා ගත්තා වුවද කම් නැත.

හරි දැන්  ASP.NET හා SQL Server 2005 මගින් වෙබ් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පරිගණකය හොඳටම සූදානම්. අපි එහෙනම් ASP.NET මගින් මුල්ම වෙබ් පිටුව සකසා ගන්නා ආකාරය ඊළඟ ලිපියෙන් බලමු.

 

 

Bookmark and Share
Tags:
Filed Under: ASP.NET, Lessons, Sinhala Posts

Comments

stanley said:

Thanks Tilantha, I don't know anything  about ASP.net but when I read your letters(3) accidently , it impressed me so much  I thought of learning ASPdotNET from You. You will be my  teacher. I wish you all the best for this new event. Thnak U again

Tilantha said:

It's a very pleasure for me to see your comment. actually i haven't even known about ASP.NET. but i tried my self to learn however because of the interest and also I'm new to this but I'll share anything which i gain by my self learning, Thank you for your constructive feedback. Smile

stanley said:

සර්,  කරුණාකරලා  "ASපී . නෙට් " ඉළග පාඩම  පටන් ගන්නේ කවදාද? කියලා කියන්න.
අපි ලැස්ති වෙලා බලා ඉන්නවා. ස්තුතියි.!!!!
ස්ටෑන්ලි

TilanthaTilantha said:

ළඟදිම දානවා ස්ටැන්ලි. මට පොඩ්ඩක් කාර්යබහුල වුණා. කමෙන්ටුව දැක්කෙත් දැන්. ඊළඟ පාඩම ලියන්නෙ PHP නොව ASP අවකාශයේ සිට බව දැනුම් දීමට කැමත්තෙමි. Smile

KolamaKolama said:

ඔයාගෙ පාඩම් මාලාව ASP.NET කරලා නැති අපි වගේ අයට ඉතාමත් ප්‍රයෝජනවත් !. සරල සින්හලෙන් තියෙන නිසා අල්ලගන්න අමාරු වෙන එකක් නැහැ.

මොකද අන්තර්ජාලයේ ඉගෙන ගන්න කොපමන ක්‍රම තිබුනත් අමාරු විෂයක් සින්හලෙන් ඉගෙනගන්න ලැබෙනවනම් ඒක ලේසියි සහ රසවත් !.

දිගටම කරන් යන්න. ජය වේවා.

TilanthaTilantha said:

තෑන් කූ. ආයෙත් පාඩම් මාලාව පටන් ගන්න ඕන නවත්තපු තැන ඉඳල. මෙතෙක් කල් ඒ ගැන ලියන්න බැරි වුනාට කණගාටුව ප්‍රකාශ කර සිටිමි

Add comment


(Will show your Gravatar icon)

  Country flag

biuquote
  • Comment
  • Preview
Loading