අමතක නොවේ දෙසැම්බර් 26

Sunday, December 27, 2009 | by Tilantha | 6 Comments |


ඔබට මතකද 2004 දෙසැම්බර් 26 වැනි දිනය. එසේ නොවන්නට හේතුවක් නැත. දහස් ගනන් ජීවිත (ආසන්න වශයෙන් 230,000 ක් පමණ ජීවිත) සහ දේපලවලට හානි කරමින් සිදුවූ ඒ මහා ඛේදවාචකය නැතහොත් ව්‍යසනය කෙසේ අමතක කරම්ද? මෙම සිද්ධියට කලින් දින එනම් 2004 දෙසැම්බර් මස 25 වන දින අප විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් පැවැත්වුණා. එදින සැන්දෑ යාමයේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවා එම සුහද හමුව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ පැරණි මිතුරන් සමග දිගුකාලයකට පසු දොඩමලුවෙමින් සතුටු සාමීචියේ යෙදිමිනි. හමුව පවැත්වුණේ මාතර හෝටලයක, රාත්‍රියේ තිබුනු ඩී.ජේ නයිට් එකද විනෝදමත් කළ අප අවසානයේ පසුව එකිනෙකාගෙන් සමුගෙන විසිර යෑමට තීරණය කලා. ගෙදර යෑමට ප්‍රවාහන පහසුකමක් නොතිබූ හෙයින් යහලුවන් කිහිප දෙනෙක් සමග මාතරදීම රැය පහන් කොට අළුයම ගෙදර යාමට තීරණය කලා. වීථිය දිගේ තවත් යහළුවන් දෙදෙනෙකු සමග පයින් මාතර බස් නැවතුම්පල කරා ඇදුනු අප එහි ඉදිරියේ ඇති සුන්දර ස්ථානයක් වන පරෙයි දූපත නමින් හඳුන්වන වෙරල ආසන්නයේ මුහුදට වන්නට පිහිටා තිබූ ස්ථානයට ගියෙමු. පහත ඇත්තේ සුනාමියෙන් පසු එම පරෙයි දූපතේ දර්ශනයකි. මෙයට යාමට තිබූ පාලම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. දැන් අලංකාර නව පාලමක් නිමවා ඇත.

කැලෑරොදක්ව පෙරකාලයේ තිබූ මෙහි පසුව අලංකාර පන්සලක් නිමවා තිබිණ. එතුලට ඇදුනු අප වටපිට සිරි නරඹා එක් තැනකට වී නැවත පොඩ්ඩක් සාමීචියේ යෙදුනෙමු. එම පහන් වන දිනය පුර පසලොස්වක පෝය දිනයක් බැවින් සඳ එලිය සාගර ජලයෙහි පරාවර්ථනය වී අමුතුම කාන්තියක් ගෙනදුන් අවස්ථාවක් විය. මගේ අනෙක් යහළුවන් එතැනම නින්දට වැටුනු අතර මම සඳ එලියේ කාන්තියේ අසිරිමත් බව විඳිමින් උන්නෙමි. මට නින්ද ගියේද නැත. අළුයම එලඹූ පසු මාතර සිට මුලින්ම ඇදෙන බස් රථයට මමත් එක් යහළුවෙකුත් ගොඩ නැගුනු අතර අනෙකා ඔහුගේ ප්‍රදේශ්යට ඇදෙන බස් රථය කරා ගියේය. ඒ අළුයම 5.00 ට පමණය. ගෙදර පැමිණි මා කෙලින්ම ගියේ සයනය වෙතය. මන්ද ඒ වන විට රාත්‍රියේ නිදා නොගත් බැවින් හොඳටම නිදිමත දැනෙන්නට වූ නිසාය. පසුව අළුයම 10.00 පමණ වන විට කිසියම් හඬක් නිසා මා නින්දෙන් අවදි වූයෙමි. ඒ මාගේ මව මුහුද ගොඩගලනවා කියල නිව්ස් වලට කිව්ව කියා බෙරිහන් දුන් බැවිනි. මේ මොන පිස්සු බොරුවක්ද අද උදේත් මා අවේ මූදු කටේම ඉඳල තමයි කියූ මා ඒ කථාව විශ්වාස කලේ නැත. පසුව මාගේ ජංගම දුරකථනයට ලැබෙන්නට වූ ඇමතුම් මගින් කථාව තහවුරු විණ. අප සමඟ පෙරදින රාත්‍රියේ විනෝද වූ මිතුරකුටද මෙම තත්වයට මුහුණ දීමට සිදුවූ බවක් දැනගන්නට ලැබිණ. වාසනාවකට ඔහුට හෝ පවුලේ කිසිවකුටත් හානියක් නැත. නමුදු උන්නු ගෙය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මා රාත්‍රියේ දුටු ඒ කාන්තිමත් සඳ එලියේ දර්ශනය මතක් විණ. එදින සඳ එලිය මුහුදට වැටී අලංකාරව බැබලුනු ඒ නිශ්චල මුහුද උදෑසන වන විට චන්ඩ වී මෙතරම් ව්‍යසනයක් සිදු කරයි කියල කෙසේ සිතම්ද? මට සුනිල් එදිරිසිංහයන්ගෙ ගීතයකුත් මත වෙනවා එනම්,

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි

දියටවන් විට එවන් ගඟුලම බිහිසුනුයි චන්ඩයි

ගඟක් නොවූවද මුහුදත් අති අලංකෘතව පෙනුනද සොබා දහම සමඟ අමනාප වුවොත් මහා විනාශයක් කල හැකි බව හැඟුනි. මුහුද ගොඩ ගැලීම විනා සුනාමි (Tsunami) යන වචනය ලංකාවේ සියයට 99.99 දෙනෙක් දැනසිටියේ නැත. පසුව සුනාමි යන වචනය නොදන්නෙක් නොවීය. ඉතින් ඒ සුනාමිය මහා විනාශය සිදුකොට අදට හරියටම වසර 5 කි. අද වන විට බොහෝ දෙනෙකුට එය අමතකව ගොස් ඇත. ලංකාවේ සාමාන්‍ය පුරුද්ද ලෙස. ඉතින් අපි ඒ බිහිසුණු සුනාමියට ගොදුරු වී ජීවිත පුද කළ අයට පිං පමුණුවමු. ඔවුන්ට තවත් කවරදාවත් මතු ආත්මයකදී එවැනි ව්‍යසනයකට ගොදුරු නොවේවායයි ප්‍රාර්ථනා කරමු. අදටත් ඉන්දියන් සාගරය ආශ්‍රිත කලාපය අවදානම් නැත්තේ යයි කිව නොහැකිය. විටින් වන සාගරයේ වන භූ චලන හේතුවෙන් ප්‍රථිවි තලයේ පැලුම්, සිරස් සහ තිරස් චලන සිදු වන බව දැනගන්නට ලැබේ.

සුනාමි අනතුරු සංඥා නිකුත් කරන වෙබ් අඩවිය තමයි National Oceanic and Atmospheric Administration (NOAA). මෙම උක්ත දිනයේ නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ බුලටින් (bulletin) එක පහත දැක්වේ.

**************************************************************

TSUNAMI BULLETIN NUMBER 003
PACIFIC TSUNAMI WARNING CENTER
0536 AM HST 27 DEC 2004

TO - CIVIL DEFENSE IN THE STATE OF HAWAII

SUBJECT - TSUNAMI INFORMATION BULLETIN

THIS BULLETIN IS FOR INFORMATION ONLY. NO ACTION REQUIRED.

AN EARTHQUAKE HAS OCCURRED WITH THESE PRELIMINARY PARAMETERS

   ORIGIN TIME - 0259 PM HST 25 DEC 2004
   COORDINATES -  3.4 NORTH   95.7 EAST
   LOCATION    - OFF W COAST OF NORTHERN SUMATERA
   MAGNITUDE   - 9.0  MOMENT
EVALUATION

 SOME ENERGY FROM YESTERDAYS TSUNAMI IN THE INDIAN OCEAN HAS
 LEAKED INTO THE PACIFIC BASIN... PROBABLY FROM SOUTH OF THE
 AUSTRALIAN CONTINENT.  THIS ENERGY HAS PRODUCED MINOR
 SEA LEVEL FLUCTUATIONS AT MANY PLACES IN THE PACIFIC.  FOR
 EXAMPLE...

  50 CM CREST-TO-TROUGH AT CALLAO CHILE
  19 CM CREST-TO-TROUGH AT IQUIQUE CHILE
  13 CM CREST-TO-TROUGH AT PAGO PAGO AMERICAN SAMOA
  11 CM CREST-TO-TROUGH AT SUVA FIJI
  50 CM CREST-TO-TROUGH AT WAITANGI CHATHAM IS NEW ZEALAND
  65 CM CREST-TO-TROUGH AT JACKSON BAY NEW ZEALAND
  18 CM CREST-TO-TROUGH AT PORT VILA VANUATU
  06 CM CREST-TO-TROUGH AT HILO HAWAII USA
  22 CM CREST-TO-TROUGH AT SAN DIEGO CALIFORNIA USA

 HOWEVER... AT MANZANILLO MEXICO SEA LEVEL FLUCTUATIONS WERE
 AS MUCH AS 2.6 METERS CREST-TO-TROUGH PROBABLY DUE TO FOCUSING
 OF ENERGY BY THE EAST PACIFIC RISE AS WELL AS LOCAL RESONANCES.

 THIS IS TO ADVISE THAT SMALL SEA LEVEL CHANGES COULD CONTINUE
 TO BE OBSERVED ACROSS THE PACIFIC OVER THE NEXT DAY OR TWO
 UNTIL ALL ENERGY FROM THIS EVENT IS EVENTUALLY DISSIPATED.

 THERE IS NO TSUNAMI THREAT TO HAWAII.
**************************************************************
TSUNAMI BULLETIN NUMBER 001
PACIFIC TSUNAMI WARNING CENTER
0315 PM HST 25 DEC 2004

TO - CIVIL DEFENSE IN THE STATE OF HAWAII

SUBJECT - TSUNAMI INFORMATION BULLETIN

THIS BULLETIN IS FOR INFORMATION ONLY. NO ACTION REQUIRED.

AN EARTHQUAKE HAS OCCURRED WITH THESE PRELIMINARY PARAMETERS

   ORIGIN TIME - 0259 PM HST 25 DEC 2004
   COORDINATES -  3.4 NORTH   95.7 EAST
   LOCATION    - OFF W COAST OF NORTHERN SUMATERA
   MAGNITUDE   - 8.0  MOMENT

EVALUATION

 BASED ON ALL AVAILABLE DATA A DESTRUCTIVE PACIFIC-WIDE TSUNAMI IS
 NOT EXPECTED AND THERE IS NO TSUNAMI THREAT TO HAWAII. REPEAT. A
 DESTRUCTIVE PACIFIC-WIDE TSUNAMI IS NOT EXPECTED AND THERE IS NO
 TSUNAMI THREAT TO HAWAII.

THIS WILL BE THE ONLY BULLETIN ISSUED FOR THIS EVENT UNLESS
ADDITIONAL DATA ARE RECEIVED.
**************************************************************

පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ මහා සුනාමි ව්‍යසනයේ පස් අවුරුදු වර්ෂපූර්ණ සිහිකිරීම පිලිබඳ තොරතුරු බලාගත හැකි වේ.

http://www.tsunami.noaa.gov/

 

කෙසේ වුවත් සොබාදහමට විරුද්ධව අපට කටයුතු කල නොහැක. සොබාදම සිදුකරන දේවල් මොන තාක්ෂණය තිබුනද වැලකිය නොහැක. ඉදින් අපි පින් කරමු. හොඳ වැඩ පමණක් කරමු. සොබාදම් මෑණියන්ව ආරක්ෂා කරමු. මනු ගුණ දම් වපුරමු, එවිට සොබා දහම විසින්ම අපව ආරක්ෂා කරනු ඇත. පහත ඇත්තේ ලංකාවේ සුනාමි දර්ශන කිහිපයකි. මෙය ඒ දවස්වල් මාගේ පරිගනකයේ සුරැකිව තබාගත් පින්තූර කිහිපයකි. 

 

Bookmark and Share

Comments

පිස්සාපිස්සා said:

අප්පා ඉන්දරේගේ සුනාමිය ගැන ලියවුනු බ්ලොග් එක බලලා මඤඤං වෙලා හිටියේ..
මේක බලලා ආපහු මඤඤං උනා.. සුනාමිය නම්, මතක් කරන්නත් අකමැති අමිහිරි මතක සටහනක්...

NUWAN's laneNUWAN's lane said:

උබත් අනු නමයෙන්නෙ බේරිලා තියෙන්නේ.ඔය දවසේ මම හිටියෙ නාවලපිටියෙ...එතකොට crysbro වෑඩ කලේ.ඔය ආරංචිය ආවාම මමත් මොන පිස්සුද කාලෙකට ඔහොම තමයි කිව්වා..පස්සෙ තමයි වෑඩේ තෙරුනේ..

NaveenNaveen said:

මචන් සුනාමිය කවර දවසකවත් අමතක කරන්න පුලුවන්ද...හොද බ්ලොග් සටහනක්.

TilanthaTilantha said:

සුනාමිය අපට කවරදාකවත් අමතක කල හැක්කක් නොවේ

TilanthaTilantha said:

ඔව් නුවන් මීට කලින් අප කවරදාකවත් සුනාමි කියන වචනයවත් අහල තිබුනෙ නෑනේ. ඔය සමහර වෙලාවට ගාලු පාරෙ තැනින් තැන පොඩියට මූදු වතුර ගොඩබිමට ආවා මිසක්, මුලින්ම අහපු සැණින් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ තමයි.

TilanthaTilantha said:

ඔව්. ඉතාම අමිහිරි අත්දැකීම් එක් කල සිදු වීමක්. මට ඒ දවස් වල ඇති වූ කම්පනය නම් අමතක වෙන්නෙ නෑ. ඊටත් වඩා දුක එවන් අසරණ මොහොතක ජඩයන් විසින් සිදුකල නොමනාකම් මතක් වෙනකොට ලංකාව ගැන කල කිරෙනවා. හැබැයි ඒ අතලොස්සක් හැරුණු කොට අපේ රටේ ගොඩාක් උදවිය අසරණ හා අවතැන් වූ අයට නන් අයුරින් දුන් සහයෝගය මතක් වෙනකොට තවමත් මනුස්සකම් ඉතුරු වෙලා තියෙනව කියල හිතුණා.

Add comment


(Will show your Gravatar icon)

  Country flag

biuquote
  • Comment
  • Preview
Loading