ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ මාරු වුණු අවකාශය කියා. ඔව් ඔබට මතක ඇති (බොහෝ විට අමතකව ඇති ) මේ බ්ලොග් අඩවිය 2008 සැප්තැම්බර් මාසයේ දිනයක අපාචි වෙබ් සර්වරයක වර්ඩ්ප්‍රෙස් ස්වයං ස්ථාපිත බ්ලොග් එකක් ලෙස ආරම්භ වුණු බව. එතෙක් සිට මේ දක්වා කාලය තුල බ්ලොග් එකේ ලිපි වලට වඩා එහි පෙනුමෙහි වෙනස්කම් රාශියක් සිදු වුනේ මා හට තිබූ වර්ඩ්ප්‍රෙස් ඇම්ම නිසාය. නොයෙක් වර්ගයේ තීම් ප්ලගින සහ නොයෙකුත් විශේෂාංග එක් කරමින් පරීක්ෂණ රාශියක් සිදු කොට අවසානයේ බ්ලොග් ඇන්ජිම වෙනමම වේදිකාවක් වෙත ගෙන යන ලදී. මෙතෙක් කල් ලිනක්ස් අපාචි සර්වරයක සෙල්ලම් දැමූ මාහට වින්ඩෝස් අයි. අයි. එස් සර්වරයකද සෙල්ලම් දැමිමට සිත් විය. මේ සියලු දේ කිරීමට සිත් වුයේ අලුතින් දෙයක් කිරීමට මා හට ඇති ඇම්ම නිසාය. මේවා අලුත් දේවල් නොවුනත් මා හට අලුත් දෙයක් වන අතර එයට මා නවකයෙකි. එනයින් ඒ. ඇස්. පී ඩොට් නෙට් ඉගෙනීමට සිත් විය. එය මහා ලොකුවට නොව මා හට යම් වැඩක් කර ගැනීමට හැකිවන අයුරින් ඉගෙනීමටය. එහෙයින් මා එම වර්ඩ්ප්‍රෙස් බ්ලොගය ඇති කාලයේම ඒ. ඇස්. පී වලට හෝඩි පොත් පෙරලූයෙමි. පසුව එමගින් යම් දෙයක් ඉගෙන ගත්තේ නම් එය එම වර්ඩ්ප්‍රෙස් බ්ලොගයේ පල කිරීමටද සිත් විය.
වර්ඩ්ප්‍රෙස් යනු පී. ඇච්. පී මගින් ලියවී ඇති අපූර්ව බ්ලොග් ඇන්ජිමකි. එය ලිනක්ස් අපාචි පරිසරයක කදිමට ක්‍රියාත්මක වන්නා වූ බ්ලොග් ඇන්ජිමක් වන අතර වින්ඩෝස් පරිසරයේ ද ක්‍රියාත්මක කල නොහැකිවා නොවේ. කෙසේ නමුදු පී. ඇච්. පී අවකාශයක (නෑ පරිසරයක; අවකාශය යන වචනය වෙන කෙනෙකු අයිති කොරගෙන තිබේ ඉගිය: රයිගමයගෙ හොඳම ඉලෙක්ට්‍රොනික් යාළුවා) එම ලිපි ලියැවෙන නිසා එයට පී. ඇච්. පී අවකාශයේ ඒ. ඇස්. පී ඩොට් නෙට් ලිපි නමින් ලිපියට මාතෘකාව යෙදීමට සිත් විය. එය මා හට නිකන්ම සිතුණකි. නිර්මාණශීලී තේමාවක් මා හට මතක් නොවුනේ මා හට අවශ්‍යව තිබුනේ ලත් දැනුම බෙදා හදා ගැනීම විනා බ්ලොග් අඩවිය ජනප්‍රිය කරවා ගැනීමට වත් සාර්ථක බ්ලොග් කරුවකු වීමටවත් අවශ්‍යව නොතිබූ හෙයිනි. කෂ්ටිය සිතයි මා මේ මොන විකාරයක් කියනවාද කියා. කමක් නෑ විකාරයක් වුවත් බ්ලොග් එකක අයිතිකරුට පලකිරීමේ අයිතියක් තියෙනවනේ. නැත්නම් බ්ලොග් අහවල් එකකටයැ. හා ඉතින් ඔන්න ඔය විදියට පී. ඇච්. පී වල ඒ. ඇස්. පී කොරන්න ගියපු මට ඒ. ඇස්. පී වලම ඒ. ඇස්. පී කොරන්නට සිතුනි. එහෙයින් බ්ලොග් ඇන්ජිමද වෙනත් ඇන්ජිමකට මාරු කොරන්න සිත් විය. ඒ වර්ඩ්ප්‍රෙස් වල කිසිදු අඩුපාඩුවක් නිසා නොව මා හට තිබූ ඇම්ම නිසාය. ඒක නම් හොඳ වෙන්නෙ නැති ඇම්මක් නේද? කෙසේ හෝ නමුදු ඒ. ඇස්. පී වේදිකාවට ගොඩ වූ මම එහි පහස විඳින අතරතුර මාගේ ලිපි (නිකමට වගේ ලියූ ලිපි ) වලට බූදල් අයිතියක් තිබෙන බව පැහැදිලි විය (ජෝක් කාරයන්ට අතල් එකක් ගන්න). (ලංකාවේ සාමාන්‍ය දෙයක් ) අවකාශය මාරු වූ නිසා එම ලිපි දැන් පී. ඇච්. පී අවකාශයක නොමැති නිසාත් පී. ඇච්. පී අවකාශය කියන වදන් පෙල ලිපි තේමාවලින් ඉවට් කිරීමට සිදු විය.
මදැයි අවකාශයක් මාරු කොරන්න සිත් වීමෙන් වූ හදිය. අපෝ මීට පස්සෙ නම් ලංකාවට අමුතුම සෙවුම් ඇන්ජිමක් හදන්න වෙනවා අනෙක් බ්ලොග් වල ලිපි මාතෘකා ආදිය තමන්ගේ බ්ලොග් සමග ගැටීමකට ලක් වෙනවාද යන්න හොයා ගන්න. හරියට ඩොමේන් සර්ච් කොරන්න වගේ. හප්පේ හරි බයයි. ලංකාවෙ හැම දෙයක්ම බ්ලොග් ලිපියක මාතෘකාවක් පවා ලඟින් ගියොත් ඇහැක් නෑ. බලාගෙන මේක එකිනෙකා පරයා තමන් උසස් යයි කියා ගන්නා සමාජයක්. බ්ලොග් ලිපියකට තමන්ට රිසිසේ ගැලපෙන නමක් යෙදූවද එයද නිර්මාණාත්මක (පණ්ඩිතයන්ට ගැලපෙන පරිදි ) නොවුනි නම් පට පිට පෙරලීමක් ලෙස සලකයි. අර කියපු සර්ච් ඇන්ජිමෙන් මේ ඔක්කොම කුවරීස් දාල සර්ච් පාරක් දාලම ඊලඟ ලිපි ඇරඹීම වඩාත් සුදුසු යයි සිතේ. මේ අමුතු බ්ලොග් ලිපිය නිසා පාඨකයන්ට සිදුවූ අපහසුතාවයට කණගාටුව පල කරමි. අවකාශය මාරු වීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වුණා. හුදෙක් මාගේ ලිපි අන් අයට වැඩක් වේ නම් බැලීම පිණිස විනා එතුලින් මාගේ බ්ලොගය ජනප්‍රිය කරවා ගැනීමක් අදහස් නොකරමි. නිදහසේ සිතමි, නිදහසේ ලියමි.
ප:ලි
ඉහත කරුනු දක්වන ලද්දේ මා හට ඇතිවූ සිත් තැවුලක් නිසා බැවින් එය කිසිවිටකත් මා අපේක්ෂා කල අකාරයේ නොවු හාස්‍ය රසය උපදවන බ්ලොග් අඩවියක තිබු කිසියම් කරුණක් මා වෙත ඍජුව නොවූවත් වක්‍රාකාරයෙන් සඳහන් කොට තිබූ නිසාත්ය. මා හට සිදුවූ අපහසුතාවය එහි පල කල අතර එහි කතුවරයා එම අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කර සිටීමත් කරුණු ගෙන හැර පෑමත් නිසා අපි යම් අවබෝධයකට පැමිණ ඇති නිසා ඉහත ලිපිය මගින් එහි කතුවරයාට යම් අපහසුතාවක් සිදු වුණි නම් මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි. මින් මතුවටත් කවරදාකවත් අපි අතර කිසිදු අමනාපකමක් සිදු නොවනු ඇති අතර මෙම සිදු වීම මත අප අතර මිත්‍රශීලීත්වය තවත් වැඩි වීමට හේතු වූවක් ලෙස සලකමි. සුලු දේවල් වෙනුවෙන් අප අතර කුහක කම් අමනාපකම් ඇති කර නොගැනීමට අප දෙදෙනාටම හැකි වීම පිලිබඳව මා ඉමහත් සතුටට පත් වන අතර ඔහුගේ කර්ත්ව්‍යන් සඳාහාද සුභ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සදා ජය !