ජංගම පුළුල් පරාස අන්තර්ජාල සේවා වලට මාරු වුණෙමි

Tuesday, January 26, 2010 | by Tilantha | 2 Comments |


ඔන්න මම කාලයක් තිස්සේ ADSL වල ඉඳල මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට මාරු වුණා. සමහරවිට හිතෙයි ADSL වල ඉඳන් මේකට මාරු වෙන්නෙ මොන මෝඩයෙක්ද කියල. හික්. ඉතින් කවුරුත් කියන පරිදි මොබිටෙල් වලට තමා මාරු වුනේ. නමුත් ඉස්සර වගෙ දැන් මොබිටෙල් ගැන නිතර අහන්න ලැබෙන්නේ සතුටුදායක ආරංචි නම් නෙමෙයි. ඔක්කොම අල පාත්ති වගාවන් තමයි. කෙසේ වෙතත් මොබිටෙල් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න හේතුවක් වුනෙ  මම කොළඹින් බැහැර මාගේ නිවසේදී 3G Weekly Delight භාවිතා කරමින් සිටියදි ඉතා හොඳ වේගයක් ලැබුණු නිසයි. ඉන්පසු ආසාව වැඩිකමටම ගත්තා සූම් 1290 එකක්. ගෙනල්ල කොළ්ඹ නැවතිල ඉන්න ගෙදර කොළඹ කිව්වට කොළ්ඹින් ටිකක් බැහැර දාල බැලුවා. හපොයි වේගය නම් අන්තිමයි. ඉතින් මොනා කරන්නද. කොම්ප්ලේන් කොලා. වැඩක් නෑ. මෙ වේගය සමහර තැන්වලට හොඳට ලැබෙනවා. සමහර තැන්වලට සිග්නල් උපරිම තිබුනත් වේගය අන්තිමයි. ඉතින් මොනා කොරන්නද. මා වැඩ කරන කාර්යාලය ඇති තැනට ගොස් මම බැලුවා හොඳ වේගයක් ලැබෙනවා. පහත් ඇත්තේ එම වේග පරීක්ෂා කිහිපයක ප්‍රථිඵල.

 

මේ තියෙන්නේ සේවා ස්ථානයේ අන්තර්ජාල වේගය

Bookmark and Share

Comments

GayanthaGayantha said:

එක තැනක ඉන්නෙ නැති කෙනෙක්ට නම් ඉතින් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පට්ට.. Laughing

TilanthaTilantha said:

අනිවා.. Smile

Add comment


(Will show your Gravatar icon)

  Country flag

biuquote
  • Comment
  • Preview
Loading