by Tilantha
6. February 2010 20:20
තේමාව අනුව නම් හිතනව ඇති මේ මොන හරුපයක් කියන්න හදනවද කියල. මට කලින් කලට එන පෝන් පිස්සුවක් ගැන තමයි මේ. ඉතින් මෙසේ බ්ලොග් සටහනක් ලියන්න හිතුවෙ පරණ මනාලිය සහ අලුත් මනාලිය ගැන මට හුතුනු දේ ලියන්නයි. පරණ මනාලිය කියන්නෙ මම අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පාවිච්චි කල සෝනි එරික්ස්සන් ඩබ් 890 අයි පෝන් එක. ඉතින් මෙයා ගැන විස්තර මෙතනින් බලාගන්න පුලුවන්. පහලින් තියෙන්නෙ එයාගෙ පින්තූරයක්.

මෙයත් හොඳ ලස්සන හුරුබුහුටි බඩුව. මෙයාගෙ කියන්න තරම් වැරැද්දක් තිබුනෙ නෑ. වෙලාවකට දුකත් හිතෙනව ඇයි මෙයාව අතඇරියේ කියලා. ඒත් ඉතින් අලුත් එකක රහ බලන්න තියෙන වුවමනාව මෙයාට වැඩිය ලොකු වුණා. මෙයා ගැන මගේ අත්දැකීම කියනවනම් මෙයා හරිම user friendly. හැබැයි ටිකක් less responsive ගතියක් තියෙනවා. ඒ ඇරෙන්න 3.2 මෙගා පික්සල කැමරාව අපූරුවට පොටෝ අරන් දුන්නා. අනිත් වැඩත් ජාවා ඇප්ලිකේෂන් එහෙම හොඳට දුවනවා. ඒ කොහොම වෙතත් මෙයාගෙ හැඩය හුරු බුහුටි සිහින් බව තමා මා ගොඩක් ප්‍රිය කලේ. කමීස සාක්කුවේ දැම්මත් මෙයා ඉන්නවද කියල පේන්නෙ නැති තරම්. ඒ ඇරෙන්න මා දුටු සහ අත්විඳි මෙයාගෙ දුර්වලකම් නැතුවාම නොවේ. මුල්ම එක වුනේ මෙයාගෙ මුහුනත තිර (front facia) ආවරණයේ වටේ ඇති තීරුව දුර්වර්ණ වෙන්න පටන් ගත්තා. මෙයාව කෙතරම් පරිස්සමින් එබුවද එයාගේ බොත්තම් වල පාට නැති වී ගියා. මෙයා මාගේ විධානවලට ටිකක් හෙමින් තමයි ප්‍රතිචාර දැක්වූයේ විශේෂයෙන්ම පෝන් බුක් එකේ අංක හොයා ගැනීමේදී, ඇමතුමක් ලබා ගැනීමේදී. මෙයාගෙ සංගීතය නම් අති විශිෂ්ඨයි. හැබැයි ඉතින් හෙඩ් පෝනයට විතරයි. එලියට මෙයා වැඩිය සද්ද දාන්නෙ නෑ. එක් ආරෝපනයක් මගින් දිගු කලක් සංගීතය රසවිඳිය හැකියි. USB වලින් පවා මෙයාව ආරෝපණය කරන්න පුලුවන් වීමත් ලොකු දෙයක්. ඒ වගේම පරිගණකය සමග වුවද මෙයා හොඳින් සම්බන්ධතා පවත්වන්න දක්ෂයි.
කේසේ වෙතත් මා මෙයා සමග තිබූ සම්බන්ධතාවය මෑත දිනයකදී නවත්වා අලුත් නොකියා මනාලිය කැන්දන් ආවා. දැන් බලමු මේ සුළු කාලයට මෙයා මට දීපු අත්දැකීම මොන වගේද කියලා. තිබුනු හදිස්සියට මෙයා ගැන වැඩි හෝඩුවාවක් විපරම් කලෙත් නෑ ටිකක් වශී වුන නිසා. කෙනෙක් හිතයි වශී වෙන්න වෙන එකක් තිබුනෙ නැතුවටද මේකට වශී වුනේ කියා. කෙසේ වෙතත් අතමිට සරු පමනට තමා මේ දීගයත් කර ගත්තේ. මෙයා නමින් Nokia 6120 Classic. මේකත් S60 වර්ගයේ සිම්බියන් ස්මාර්ට් පෝන් එකක්. මෙයා ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. පහල තියෙන්නෙ මෙයාගෙ පින්තූරයක්.

මෙයත් හරිම හුරුබුහුටි බඩ්ඩක්. ඒ වගෙමයි හරිම responsive. වේගය අතින් ඉහලයි. මෙකත් HSDPA පෝන් එකක්. බ්‍රවුසින් වලටත් කියාපු බඩ්ඩක්. ඒ වගේමයි අලංකාර ඇඳුම් ආයිත්තම් (Themes, Skins) මෙයාට අන්දවන්න හරිම ලේසියි. ජාලයෙන් එවැනි බොහෝ දෑ නොමිලයේ සොයා ගත හැකියි. ඒ වගේම S60 Mobile applications මෙයාට දාන්න පුළුවන්. මෙයාගෙ තියෙන මෘදුකාංග අනුවාදය වන්නේ S60 3rd edition Feature Pack 1. ජාලයෙන් හොඳ සිම්බියන් ඇප්ලිකේෂන් ටිකක් හොයාගන්න පුළුවන්. ආ... දැන් සිම්බියනුත් නිදහස් කරල නිසා ප්‍රවණතාවය තවත් වැඩි වෙයි. මමත් එක එක ඇප්ලිකේෂන් දාල බැලුවා, හැබැයි සමහරක් ඒව වැඩ කලේ නෑ. වැඩිය එක එක ඒව දාන්න ගිහින් අලුත් මනාලිය ලෙඩ වෙයි කියල බයට වැඩිය මුකුත් කරන්න ගියේ නෑ. මට හම්බු වුනු නොමිලයේ ලබාගත හැකි හොඳින් වැඩ කරන ඇප්ලිකේෂන් ටිකක් තමයි ඔය පහත් තියෙන්නේ.
DivX Player

බාගන්න මෙතනින්. හැබැයි ගිණුමක් තිබිය යුතුයි, නැත්නම් නොමිලයේම එකක් හදා ගන්න.
Google Maps

බාගන්න මෙතනින්
Calcium

බාගන්න මෙතනින්
Light Control

බාගන්න මෙතනින්
Screenshot
මේක තමයි මගේ වඩාත් සිත්ගත් ඇප්ලිකේෂන් එක. මේකෙන් පුලුවන් assign කරන ලද key එකක් මගින් මෙයාගෙ ඕනම මොහොතක තිරයේ දිස්වන පිටපතක් (screenshot) පෝන් එක මගින්ම ලබා ගන්න.
බාගන්න මෙතනින්

ඔය පහලින් තියෙන්නෙ එහෙම ලබා ගනිපු screenshots කිහිපයක්


දැන් නොකියා හි OVI Store වෙත පිවිසීමෙන් බොහෝ යෙදුම් රාශියක් නොමිලයේ ලබාගත හැකිය. ඒ සඳහා ඔබට ගිණුමක් තිබිය යුතුයි. ගිණුමක් සාදා ගැනීමට මෙතනට යන්න. මෙමගින් නොමිලයේ මෙන්ම මුදල් ගෙවා ලබා ගත හැකි මෘදුකාංග යෙදුම් ඇත. සමහර ඒවා trial ලෙස ඇත. නමුත් ඊට අමතරව සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගත හැකි යෙදුම් ද ඇත. ගිණුම ලියාපදිංචි කරගැනීමෙන් පසු දුරකථනය මගින්ම භාගත කර ගත හැකිය. මේ සඳහා මුලින්ම දුරකථනයේ Download මගින් Ovi Sotre application එක දාගන්න.
මෙයාගෙත් සංගීතය නම් අති විශිෂ්ඨයි, එවගේම පිටටත් සද්දෙ හොඳයි. බහු මාධ්‍ය සහ අනෙකුත් විශේෂාංග අතිනුත් මෙයා ගොඩාක් පොහොසත් කෙනෙක්. එනමුත් මෙයාව ප්‍රයෝජනයට ගන්නකොට ඉක්මනින්ම බලය හීන වෙලා යනවා. අනෙත් එක තමයි මෙයාගෙන් ඇමතුමක් ගන්නකොට ඇමතුම් කාලය මිනිත්තු පහක් පමණ ඉක්ම යනකොට කනට තදින් දැනෙන අකාරයට මෙයාව රත් වෙන්න ගන්නවා. මෙයාව හදාපු කොම්පැනිය නම් කියන්නෙ ඒක මෙයාගෙ වරදක් නෙමෙයි කියලා. මෙයාව සියලු සම්මතයන්ට අනුකූලව සාදා ඇති බවත් එය තාක්ෂනික දෝෂයක් නොවත බවත් ඔවුන් ගෙනහැර පානවා. මේ තියෙන්නෙ මෙයාව පාවිච්චි කරන අයට මෙහෙම වුනාම මෙයා ගැන පැමිණිලි කරන්න ආවම එයාල දැනුවත් කිරීම සඳහා කොම්පැනියෙන් දීපු උපදෙස්. ඉතින් මගේ අලුත් දීගෙ මෙසේ වෙද්දී පරණ දීගේ ගැන දුකක් නැතුවාම නොවෙයි. බලමු ඉදිරියට මෙයත් එක්ක කොහොම ඉන්න වේවිද කියලා.